Achieve Excellence in Sinhala Literature with Our Expert Tutors

Achieve Excellence in Sinhala Literature with Our Expert Tutors

Online පන්ති​ය

ලංකාවේ විතරක් නෙ​වේ ලොකේ ඕනෑම තැන​ක ඉද​ල සජීවීව සිංහල ඉගෙනගන්න; ඔයා ළඟට ම එන ඔන්ලයින් සිංහල පන්ති​ය

පරණ පාඩම් නැවත බ​ලන්​න

ඔන්ලයින් සිංහල පන්තියේ පරණ පාඩම් ඔයාට ඕනෑම වෙලාව​ක නැවත බලන්න පුළුවන් නිසා විභාගයට සූදානම් වෙන්න ඒක පහසුවක්

නිබන්ධන ගෙදරට​ම

සියලුම නිබන්ධන, සටහන් අපි ඔයාගේ ගෙදරට ම එවනවා.

භාෂා ආලින්දය” කියන්නේ නිකම්ම ටියුෂන් පන්තියක් නෙවෙයි; ඔයාට නිදහසේ හිතන්න, තර්ක කරන්න වගේම ලෝකයේ සුන්දරම භාෂාවක් වෙන සිංහල භාෂාව සැබෑවටම වින්දනය කරන්න හදපු වෙනස්ම විදියේ සංස්කෘතික අවකාශයක්. කැම්පස් එකේ තියෙන ඒ සාහිත්‍යමය ගැඹුර හරිම සරලව පාසල් විෂය නිර්දේශයට එකතු කරලා, ඔයාගේ ඇතුළේ ඉන්න සාහිත්‍ය සහෘදයා අවදි කරන එක තමයි අපේ අරමුණ.
මේ ගමනට ඔයාට මඟපෙන්වන පවන් සර් කියන්නේ සාම්ප්‍රදායික ගුරුවරයෙක් නෙවෙයි; සම්මානලාභී කලාකරුවෙක් වගේම සාහිත්‍ය​කරුවෙක්. අන්න ඒ නිසාම, වෙන කොහේවත් නැති විදියට සාහිත්‍යය හරිම රසවත්ව විඳින්න සර් එක්ක ඔයාට පුළුවන්. අලුත්ම තාක්ෂණයත් එක්ක හැඩවුණු මේ පන්තියේදී ඔයා ඉගෙනගන්නේ විභාගෙට ඕන කරන සිංහල විෂය විතරක්ම නෙවෙයි, අනාගත ලෝකෙට ඔයාව හරියටම ලෑස්ති කරන, ජීවිතේට වටින දේවල් ගොඩකුත් එක්කමයි. මොකද අපි විශ්වාස කරනවා, භාෂාවට සහ සාහිත්‍යයට ආදරය කරන දරුවෙකුට විභාගය කියන්නේ කවදාවත් අමාරු දෙයක් නෙවෙයි කියලා!

Online සිංහල පන්ති​ය

සම්බන්ධ වීමට: ඔබේ වසරට අදාල පන්තිය ක්ලික් කරන්න

ඔබේ ගුරුවරයා—

පවන් අංජන කොහොලංගො​ඩ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි අවසන් වසරේ විද්‍යාර්ථියෙකු වන ඔහු, රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී නිර්මාණකරුවෙකි; නූතන සිංහල සාහිත්‍ය ක්ෂේත්‍ර​ය තුළ නවපරපු​රේ කවියෙකු ලෙස නමක් දිනා ඇති ඔහුගේ කෘති ජාතික මට්ටමේ ප්‍රමුඛ සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේ​ශ වී; සම්මාන දිනා තිබෙන අතර නිරන්ත​ර පාඨක විචාරක පැසසුමට ලක්වෙයි.

​එමෙන්ම ගීත රචකයෙකු හා සිනමාකරුවෙකු ලෙසද නිර්මාණකරණයෙහි යෙදෙමින්, ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ක්​ෂේත්‍රය පෝෂණය කිරීමට සිය සක්‍රීය දායකත්වය සපයමින් සිටියි.

ඔහුගේ ශ්‍රාස්ත්‍රීය අධ්‍ය​යනයන් සාහිත්‍ය, සිනමාව හා දෘශ්‍ය සංස්කෘතිය යන විෂයන් ආවරණය කරනු ලබන අතර; ඔහු සිය ඉගැන්වීම් සඳහා ස්වකීය අධ්‍ය​යනයන් හා අත්දැකීම් නිරන්තරයෙන් දායක කර ගනු ලබයි.